ඇඬි අප්පල්ලේ
පුංචි කාලෙ මට මතකයි
හැම දේටම මම ඇඬුවා
කාමරෙ කළුවර වූවත්
රෑවෙනකොට තනි හිතුනත්
බිල්ලෝ ඇඳ යට හිටියත්
දොරමුල්ලෙන් නයි ආවත්
හීනෙන් ඇවිදින්න ගියත්
අඳේම මම චූ කෙරුවත්
කලින් නිදන්නට කිව්වත්
උදේට නැගිටින්න වුනත්
කවුරුත් මට සැර කෙරුවත්
කවුරුත් මට ඇද කෙරුවත්
වැඩක් කරන්නට කිවුවත්
නොඅඬා ඉන්නට කිවුවත්
යන්තම් බඩගිනි දැනුනත්
කන්න කියල අඬ ගැහුවත්
කාලා දැන් ඇති කිව්වත්
පිඟාන සෝදන්න වුනත්
කකුලේ කටුවක් ඇනුනත්
කටුව ගලව ගන්න ගියත්
කැලේ යන්නෙපා කිවුවත්
වත්තට යන්නට කිවුවත්
නොදනිමි ඇයි කියලා තව
නොමරා රැක ගත්තෙ මාව