කඳු නගින්නෝ
වතුර ගලන්නේ කන්දක උඩසිට පහලට පමනයි
ගල් වැලි මඩ වතුර එක්ක නායක් යන්නෙත් එහෙමයි
ලොකු පොඩි ගල් තනියමමත් පෙරලි පෙරලි පහලට එයි
අජීවිවු සියලු දේම යන්නේ පහතක් සොයලයි
ගස් වැල් ජීවය තිබුනත් උඩහත් පහලත් එකමයි
ඇට වැටි තැන හෝ මුල් ගිය තැනකින් උන් පැලවී එයි
තණකොල සහ මහ කොස් ගස් පිලිපදිනා නීති එකයි
උවමන පෝෂන ලැබුනොත් ඉහල පහල අමතක වෙයි
කකුල් අටක් ඇති එවූවෝ ගෝනුස්සෝ මකුලු වගේ
වැඩිපුර දුර ගමන් නොකර ඉන්න තැනම හදනව ගේ
කකුල් හයේ කුරුමිනි මැසි මදුරුත් සමනලයන්ගේ
ගමනෙන් මට පෙනෙන්නෙ නෑ කිසිම අරමුනක් උන්ගේ
සිවුපාවෝ එහෙම නෙවෙයි කන්ඳෙ ඕනැ තැනක දුවයි
ගස් අස්සෙන්, කරටි උඩින්, උමං යටින් ගමන් කරයි
ගස් වැල් හෝ අනික් සතුන් කෑමට ගෙන ජීවත් වෙයි
කන්ඳේ උන් ගමන් යන්නෙ තමාගෙ බඩ පුරවන්නයි
කකුල් දෙකේ උන්ම තමයි වැඩිපුර එහෙ මෙහෙ යන්නේ
සියට අනූවකට වැඩිය උන් අහසේ පියඹන්නේ
අහසෙන් යන උන්ට කන්ඳ ඇතත් නැතත් කම්නෑනේ
අනික් දෙපාවෝ, මිනිස්සු, කඳුවල ලස්සන දකින්නෙ
සිත්තරු ගත්කරු කවියෝ ගැයුම් වැයුම් ගැන දන්නෝ
කඳු නැගලා අවට බලා තම කලාව පුබුදන්නෝ
කලාව ඇතුවත් නැතුවත් කඳු උඩ සිට රට බලන්නො
ඈත මෑත පෙදෙස් බලා තම තැන තේරුම් ගන්නෝ
මුහුඳු වෙරළ අතහැරලා කුවේනිලා ගෙන් සමුගෙන
විජයගෙ සගයෝ සමහරු නැග්ගළු කඳු දිරි අරගෙන
පරම්පරා එකසිය විස්සකට පස්සෙ තවම ඉන්න
උන් දැන් උඩරට උනාට කරිජ්ජ අමතක නොවන්න