කයිවාරු කාරයා
ඔබත් දන්නවා ඇතිනේ කයිවාරුවෙ දක්ෂ වෙන්නො
සියල්ල දන්නා අටියෙන් කතික පාචනෙන් පෙලෙන්නො
ඕනැ ප්රශනයක් නැගුනොත් නොහිතා උත්තර දෙන්නෝ
හැදිච්චිකම නිසා අපේ උන් තව නොමැරී ඉන්නෝ
“ආන්ඩු පැරදුනේ මොකද” උන් ලඟ උත්තර තියෙනව
“අනික් එවුන් දිනුවෙ ඇයිද” එයට හේතු දක්වනවා
“කොලඹ පාර මේ පැත්තෙද” නොදැන උනත් පෙන්වනවා
“මේ තරම්ම වැස්ස මොකද” සතියක් විග්රහ කරනව
“ලඟදි බයිස්කෝප් දැක්කද” විස්සක් ගැන බන කියනව
“හොඳයි නේද මේ බස් එක” වැරදි ලයිස්තුව හදනව
“මුහුදේ රැලි ඇයි හැදෙන්නෙ” ඒ ගැන දේශන දෙනවා
“රෑට මොකද ඉර නැත්තේ” උපහාසෙට ලක් කරනව
“දෙල් දැන් තැම්බිලා ඇතිද” නැති බව පෙන්වා දෙනවා
“දෙල් තැම්බිල වැඩී නේද” නැති බව පෙන්වා දෙනවා
“නිදා ගන්න හොඳයි නේද” තව නිදි මත නෑ කියනව
“වේලාසන වැඩි නිදන්න” මට නම් නිදිමත කියනව
මේ අයගේ බෙල්ලෙන් උඩ කොටසෙ වෙනස් කම් තියෙනව
එක කටකුයි කන් දෙකකුයි ඇති බව අමතක කරනව
මොලෙත් කටෙත් සම්බන්දය බිඳදා ජීවත් වෙනවා
ඒනිස මුලු ජීවිතයම කට අවටම ගත කරනව
මම හොඳටම අඳුරනවා මේ අච්චුවෙ පුද්ගලයෙක්
යාලුවො නෑයෝ කිව්වේ අතාරින්න වටින ගොනෙක්
නමුත් උගේ මුහුන නිතර නොදකින එක මට වෙහෙසක්
පුරුදු වෙලා දකින්න, මගෙ කන්නාඩියෙ ඉන්න එකෙක්