ගුටි කෙලි

මෝඩ කොල්ලො දෙන්නෙක් ඉස්කෝලේදී ගහ ගන්නව
භේදය ලොකු එකක් වගේ ගුටිබැට හුවමාරු වෙනව
පෙනෙන්නේම නැද්ද මුන්ට මෙතන ගොං වැඩක් වෙනව
ගුටි කෙලියෙන් තිබුන ප්රශ්න දස ගුනයෙන් වැඩි කරනව

[මම කැමතියි දෙන්න සමාදාන උනා යයි කියන්න
ගොං බානෙන් එකෙක් ලෙසට මට බැරිවෙයි එය කරන්න]

ගහ ගත්තේ ඇයි කියලා කිසිම මතකයක් නෑ මට
කැඩුන පැන්සලක්සේ, සුලු දෙයක් හැකිය එය වෙන්නට
මගෙ යාළුවො උගෙ යාළුවො ගානක් නෑ මේව උන්ට
ඕනෑ වෙන්නේ කොහොමත් හරි පැත්තක් ගෙන කොටවන්නට

තව සමහර මොල කාරයො කැමතියි පැති නොගෙන ඉන්න
තවත් දක්ශයෝ බලනව දිනන පැත්ත අල්ල ගන්න
සෙල්ලක්කාරයො ඉන්නව දෙපැත්තටම හූ කියන්න
දිනුවත් පැරදුනත් මොකොද ගුටි කෙලියට සහය දෙන්න

ගොං වැඩ කෙරුවේ දෙන්නයි තව විස්සක් පටලවලා
පැන්සල් නොමිලේ දුන්නොත් ඉවර වෙයිද ගුටි කාලා

ගුටිබැට කන්නත් දෙන්නත් අපෙ නෑ කිසි ආශාවක්
කාටත් වේදනා දීල ලැබෙයි කියල යම් සතුටක්
සතුට ලැබුවෙ අනික් එවුන් හිටියට අල්ලල අයිනක්
අපි දෙන්නගෙ ඇඟ රිදෙන්නෙ උන්ට ඒක විනෝදයක්

දේශ පාලනෙත් මෙහෙමයි පොඩි සොච්චෝ ගහ ගන්නව
ඒකෙන් ඵලයක් ලබන්නො උන් කොටවල අයින් වෙනව
රිළවුන් බළලුන් ලවුවා කොස් ඇට ගින්නෙන් ගන්නව
රිළව් කද්දි රස කොස් ඇට බළල්ලු බඳිනව පත්තුව

සමරුන්ට ගුටි කෙලියක්
අනික් උන්ට සැන කෙලියක්
ගහගන්නේ මෝඩ ගොනෙක්
කොටවන්නේ ගැරෑ යකෙක්