ගෝත්‍රය සොයා
[බුද්ධිමතුන් දෙන්නෙක් තමාගේ ගෝත්‍රය ගැන කතා වෙනවා]
“අපි ලෝකේ පුරවැසියෝ මුළු ලෝකෙම අපේ රටයි”
“ඒක ඇත්ත මුළු ලෝකේ අයිතිය නම් අපේ තමයි”
“අපි මේ දේ දැන ගත්තට අනික් එවුන් මොක කියයිද?”
“ඒක ඇත්ත උන් හැබෑට පොඩ්ඩ පොඩ්ඩ වෙනස් නේද?”
“කිට්ටු අපිට ඉන්දියාව අපි තරම්ම උන් දියුනුද?”
“මොන පිස්සුද උන් දුප්පත් උන්ගෙ ඉංගිරිසි ඇහුනද?”
“චීනෙ ඉන්නෙ චීන්නු මයි උන් ලෝකේ අල්ලනවලු”
“ඒක ඇත්ත උන් බලන්න සර්පයො එහෙමත් කනවලු”
“අහංකාර සුද්දො ලෝකෙ ඇල්ලුවාට රට රටවල්”
“උන් එලවා ගත්ත කියා සමහරවිට උන්ට ජුවල්”
“අප්‍රිකාවෙ කාපිරියෝ බෑනෙ උන්ට දියුනු වෙන්න”
“ඒක ඇත්ත උන්ට හැකිද අපිත් එක්ක පෙලට ඉන්න”
“ලංකාවේ තමා අපිට අල්ලන මිනිසුන් ඉන්නේ”
“ඒක ඇත්ත අනික් එවුන් පිට රටකින් නේ එන්නේ”
“කාන්තාර ගිනි කඳු නෑ අපේ රටට වින කරන්න”
“ඒක ඇත්ත අපේ රටේ සුන්දර බව බෑ මනින්න”
“ඉඳල හිටල මට හිතෙනව දෙමළු අපිට එපා කියල”
“ඒක ඇත්ත තම්බි උමුත් ඉන්නෙ ගන්න අපි විකුනල”
“ලංසියො ජාවෝ චීන්නු මෙහෙ නැතුවට මට කම් නෑ”
“ඒක ඇත්ත සිංහලයගෙ රට පාවා දෙන්නේ නෑ”
“සිංහලයෝ උනාට දැන් සමහරු ආගමට ගිහින්”
“ඒක ඈත්ත විස්වාසෙට ගන්නේ කොහොමද එව්වන්”
“මේ හරියේ දැන් ඉන්නේ පාත රටින් ආ මිනිස්සු”
“ඒක ඇත්ත උන් දැක්කම මටනම් හැදෙනවා පිස්සු”
“අපේ කුලේ උන් කීයද කංතෝරුවෙ දැන් ඉන්නේ?”
“ඒක ඇත්ත අඩු ජාතියෙ එකෙකුට දැන් සර් කියන්නෙ”
“මගෙ මාමා හරිම කුනා සතයක් නෑ උගේ අතේ”
“මගෙ මස්සින ඊට වැඩියි හරිම ගොනා කැතට කැතේ”
“උඹයි මමයි විතර වගේ අපේ ගෝත්‍රෙට සිටින්නෙ”
“ඒක ඇත්ත නමුත් මෙමට උඹ ගැන සැකයක් හිතෙන්නෙ”