තාක්ෂනය

අදහස් හුවමාරු වෙන්න
දැනීම තව වැඩිකරන්න
ගෙදර වැඩත් ලේසි වෙන්න
ගමන් බිමන් පහසු වෙන්න
විනෝදමත් දිවිගෙවන්න
තාක්ශනය වැලඳගන්න

කාමරෙ රස්නිය උනාම ෆෑන් දාල නිදියෙනවා
සීත ටිකක් වැඩිවෙනකොට පොරවනයක් ඇදගන්නව
ජනේල ලොකුවට හදලා තිර දාලා වහගන්නව
යන්තම් කළුවර වෙනකොට ලයිට් දාල එලි කරනව
කොට ගමනක් උනත් යන්න වාහනෙ එලියට ගන්නව
වියායාම මදි හන්දා ඒකට මැසිමක් ගන්නව
ගෙදර තියෙන පරිගනකෙන් කාඩ් ගහල පැරදෙනවා
අන්තර්ජාලය හරහා ගොන් දේවල් කියවනවා
ජංගම දුරකතනය ගෙන මුලු ලෝකෙට බන කියනව
ටීවීසැට් එක දාගෙන පුස් දේවල් නරඹනවා

තාක්ශනය නැතුව බෑනෙ එතකොට ගොඩයෝ වෙනවා
අලුත් මොඩල් ආපුගමන් ඒකත් ඕනෑවෙනවා
තියෙන දේවලින් සීයට දහයක් පාවිච්චි වෙනව
මේවා විකුනන එවුන්ට බැංකු වගේ සල්ලි එනව

නමුත් මතක තියාගන්න වටින දෙයක් මෙහි තියෙනව
තාක්ශනය ඔබෙ වහලා, ඔබට වහල්කම් කරනව
ඌටම රජකමදුන්නොත් අපි උගෙ වහලෝ වෙනවා
අපේ මුතුන් මිත්තො මේක දැනගෙන හිටි බව පෙනෙනව

ලීමිට ගැසු තාක්ශනය ඒ අය දැනගෙන උන්නා
උදැල්ල දෑකැත්ත පිහිය කැත්ත අතට හරියන්නා
එක එක ආයුදයට කල හැකි දේ හොඳටම දන්නා
හැම ආයුදයෙන්මම සීයට සීයක් වැඩ ගන්නා

ඔබෙ සීයා කඩුවෙන් පොල්ගාලා සම්බල් හැදුවද
ආච්චි ගස් නැගල ගිහින් හිරමනයෙන් පොල් කැඩුවද
ඒ අයගෙන් පැවතී එන මේවයි අවවාදෙ නාද
නොදත් තාක්ශනේ මගින් වරිගෙ නසා ගන්නවාද