පරිසරය යටින්
උදෑසන හිරු දෙවිඳු විහිදූ ස්වර්න කිරණින් ගෙනා ඔපයට
පිනි බිඳුන් එක්කරයි මිනිකැට තැනින් තැන ගිනි පුපුරු විලසට
සෙමින් පාවෙන දෙවඟනන් සේ දිව්යමය ගී තාලයකට
සුවඳ සුදු මල් පිපී බරවූ පිච්ච වැල් වැනෙනවා සුලඟට
අතු අතර වියතක් පමන පරතරය පියවා වියු රටාවක්
සම්මිතික රෝදයක් වැනියෙන් වළලු ඇල්ලූ නණ කිහිපයක්
සියුම් සුදු වන් සේද නූලෙන් ගොතා ඇත්තේ පොඩි නිවහනක්
පිච්ච මල් පෙති මෙන් සුමුදු වූ මකුළුවෙකුගේ කලා කෘතියක්
කවියො සිත්තරු ශිල්පි ගත්කරු කලාවෙන් තෘප්තිය ලබන්නෝ
මෙවැනි දර්ශන වර්නණාවට කුසලතාවන් ලබා ඉන්නෝ
චාරු වචනෙන් සලෙල වර්නෙන් දර්ශනය පැහැපත් කරන්නෝ
අනිත්‍ය ලොව දිගු කරන්නට නිත්‍ය සටහන් ලබා දෙන්නෝ
පිච්ච වැලකට අයත් ජීවයෙ යථා තත්වය සොයා බැලුවොත්
දුටුව සිරියා මැකී යනවද යටැති සත්‍ය වටහ ගතහොත්:
හිරුගෙ කිරණින් හරිත ශාකා ශක්ති රැස් කර අවශ්‍ය ලෙස
ජලය වායුන් හුවමාරුකර පෝෂණය සකසන්න නිසි ලෙස
උරාගෙන මුල් වලින් විහිදා ඛනිජ ගැබ් ජලපහර දස දෙස
වියැලි වී මිය යන්න කලියෙන් බැලිය යුතු නව පරපුරක් දෙස
සුවඳ මල් බමරුන් සමනලුන් කැඳවමින් මල්පැනි බෙදා දී
අළුත් පරපුර පැවත ගන්නට පරාගය උන් හට බාර දී
සියුම් නුහුලෙන් නිවස ගොතලා කොනට වී සිටිනා මකුළුවෙක්
නිවස උගුලක් ලෙසට යොදලා සත්ව ඝාතනෙ යෙදෙන්නෙක්
පිච්ච් මල්වෙත ඇදෙන සමනළු මී මැස්සො වැනි සතුන් දහසක්
පිච්ච වැලෙ පහනෙන් මකුළුවත් බලනවා පායාපු එළියක්
කවියො සිත්තරු වර්නණාවෙන් මිනිස් සිත සහ ගත පිනන්නෝ
යටැති සත්‍ය වටහ ගත්තෝ ගුරුවරුන් ලෙස පුද ලබන්නෝ