පිරුණු මොළය
පඤ්චේන්ද්රියන්ට හැකිලු පරිසරයක් පිරික්සන්න
නාසය ඇස් කන් දිව හා හමේ බලේ යොදවගන්න
ගඳ සුවඳත් රසත් මෙන්ම ධවනිය ස්පර්ෂය විඳින්න
ඇස් ඇරලා අවට ලෝකෙ පින්තාරු සිතේ අඳින්න
අළුත් රසක්, ගඳ සුවඳක් ඉන්ද්රියන්ට මුණගැසුනොත්
පෙර දන්නා අත්දැකීම් මතකෙට එනවා නැවතත්
මොළයේ ගබඩාවී ඇති පරණ රසත් ගඳ සුවදත්
සසඳල බලලා හඳුනා ගන්නව ආ අළුත් එකත්
උපන්දා පටන් අපි මොළ ගබඩාවක් පුරවනවා
අත් දැකීම් එකතු කරල දැනුම පළල් කරගන්නව
දැනුමේ වර්දනය නිසා මනසත් අපෙ දියුණු වෙනව
වැඩිහිටියට බාලයාට වඩා යමක් වැටහෙනවා
මේ තත්වයෙ ප්රයෝජනය තේරුම් ගන්නට පහසුයි
වැඩිහිටියෝ පොඩි එවුනට ආරක්ශාවන් සලසයි
අපරිණාම සමාජයක් මේ ආකාරෙන් බිහිවෙයි
නමුත් මෙලෙස වැඩිහිටියගෙ අඩුපාඩුත් යටපත්වෙයි
වැඩිහිටි මොළ ගල් වීලා අදහස් එන දොර වහනව
නමුත් ඒක කියන්න බෑ වැඩිහිටියට තරහ යනව
වැරදිලවත් කිව්වෝතින් ‘තොපිට පිස්සු’ යයි කියනව
මොළේට පිවිසුම් වහලා අගුළත් මලකඩ කනවා
අපේ හිතෙන් මතුවී එන අදහස් විමසන්න ඕන
වචනෙන් එලියට දාන්න පෙරයි සිතන්නට ඕනෑ.
“උංගෙ කෑම කන්නම බෑ, මටනම් අල්ලන්නෙම නෑ!”
“ඕකත් ඔය සිංදුවක්ද, කිසිම තාලයක්වත් නෑ!”
“ලඟින් යන්න බෑ නේ ගඳ, මොනවා ගාලද මන්දා!”
“මටනම් මගෙ ගම වාගේ, වෙන ලස්සන පැත්තක් නෑ!”
“ඔය සොරි තැංක්යූ කිව්වට, ඔවුන්ට ගානක්වත් නෑ!”
“පේනවාද ඇඳුමේ හැටි, කිසි සංවර ගතියක් නෑ!”
“මං දන්නවනේ ඕකා, මොක කිව්වත් හරි කට්ටය!”
:
:
“වැඩේ කියන්නේ එවුන්ට, අපෙ ඒවා වටහෙන්නෑ!”
කාටද වැටහෙන්නෙ නැත්තෙ කියල හිතන්නට ඕනෑ
මලකඩ කෑ මගෙ මොළේට මේටික වැටහෙන්නෙත් නෑ