බට මට…

හොරෙන් බීඩි බිව්ව කාලෙ
අපේ යාළු මිත්ර වාලෙ
සතුට ලැබුනෙ ඇසුරු ආලෙ
මිසක් නොවෙයි දුමේ ආලෙ

බීඩියෙ දුම ගඳ ගහනව
යන්තන් වමනෙට එනවා
තව උගුරක් ඇද ගන්නව
පුරුදු වගේ හිනැ හෙනවා

සත එක දෙක එකතු කරල
සිගරැට් ගන්නට හැකි වෙල
අතින් අතට පාස් කරල
“බට මට දැන්” යයි කියාල

සහෝදරත්වය වැවෙනව
දුම්වැටි අත්වැල් බඳිනව
සම්භන්ධය ගැන හිතනව
දුමෙන් සැනසුමක් ලබනව

කාලෙ සෙමින් ගෙවිල යනව
මිත්රයො විසිරිලා යනව
මෝස්තරය ලෙස දැනෙනව
තනියම වුව දුම් බොනවා

පටන් ගත්තෙ යාළු කමට
ඇබ්බැහි උනෙ ස්ටයිල් එකට
නොනැවැත්වුවෙ මෝඩ කමට
කෙලවෙන්නේ මගේ ඇඟට

ආ මග වෙනසක් කෙරුවොත්
දුම් නොව වෙන දේ සෙව්වොත්
සගයො එක්ක ක්රීඩ කරමු
හවස් වෙලා කාඩ් ගහමු
බත් උයන්න ඉගෙන ගනිමු
උයලා පාටියක් දාමු
ඩිගිටල් පින්තූර ගනිමු
කුඩා බයිස්කෝප් හදමු
සත්තුත් ඇති කරල බලමු
සරුංගලක් හදා යවමු
කැලයේ ඇවිදලා බලමු
ගස් වැල් හෙම හඳුනා ගමු
ඉතිහාසය ඉගෙන ගනිමු
මුද්දර, පොත් එකතු කරමු
විහිළු කතා එකතු කරමු
වෙලා ඇතොත් කවිත් ලියමු

මේ දේ කරනා අයටත්
සමහරවිට ඇති මිතුරොත්