බලු මැක්කෝ
මද්දහනේ ගෙදර පිලේ බල්ලෝ දෙන්නෙක් නින්දෙන්
කළු බල්ලයි පුල්ලි එකයි එකට වැතිරි මහන්සියෙන්
උන්ගෙ වලිග දෙක විතරක් ගෑවීල යාන්තමින්
ඇඟේ හිටිය මැක්කො දැක්කෙ මේවා පාලමක් ලෙසින්
මම හිටියේ හාන්සි පුටුවේ ඇදිලා නිදි කිරමින්
කන් යොමුකරලා බැලුවම මුනුමුනුවක් ඇහුන හිමින්
පාලම උඩ මැක්කො පැටවු සින්දු කියනවා හයියෙන්
දෙජාතියේ මැක්කො එකට නටනව උන් විනෝදයෙන්
බාස ටිකක් වෙනස් වුනත් පුල්ලියො සහ කළ්ලොන් හට
ප්රශ්න වලින් අඩුවක් නෑ හමුවු බැවින් පළමු වරට
"කලළු රට හරි සරු සාරද? "
"පුල්ලි ඉරට පිච්චෙනවද?"
"දෙමවු පියෝ හුඟක් සැරද?"
"ඉස්කෝලේ මෝඩ නේද?"
"මාර සිංදු තියෙනවාද?"
"රට කරන්නෙ රජ කෙනෙක්ද?"
යාළු මිත්ර කම් වැඩුනා රට වෙගේම සරු සාරෙට
ආරංචිය පැතිරි ගියා බලු රටවල් දෙක පුරාම
අලුත් රටක් ඇති රාවය තමාගෙ රට කිට්ටුවෙන්ම
වලිගෙ කෙලවරින් ඇරඹී නාහේ කොන තෙක් පැතුරුම
මහජනයා බාරගත්තෙ මනස අනුව තමාගේම
ක්රීඩා ලෝලයෝ හිතුවෙ අලුත් තරඟ තියමු කියල
සංගීතෙට ලැදි ඇත්තෝ රටින් සිංදු බැලුව සොයල
ව්යාපාර ලොක්කො හෙව්ව ජාවාරම් සුදුසු කාල
උගත් මැක්කො බැලුව සොයා පොත් පත් ඇතිදැයි කියාල
මේ අතරේ හමුදාවල ලොක්කො එකතුවෙලා දිනක්
විශ්ලේෂන කරල බැලුව ඇතිද රටට තර්ජනයක්
නැති බව දනගත්විට උන් ගෙන් නම් කිසි කරදරයක්
රජයට උපදේශ දුන්න යවන්න තානා පතියෙක්
ඡන්දෙ ලඟයි ආන්ඩුවට පැරදෙන්නත් ඉඩ ඇතිවෙයි
රටවැසියෝ අල්ල ගන්න උපක්ක්රමක් ඕනෑ වෙයි
පිට රටකින් උවදුරු ඇති නම් සියල්ලො එකමුතු වෙයි
ප්රකාශයෙන් ආක්රමණ කුමන්ත්රණක් එලිකෙරුවයි
"ආංඩුවක් වශයෙන් අපි අපෙ යුතුකම් භාර ගනිමු
අන්තිම ලේ බිංදුව තෙක් වගකීම් අපි ඔප්පු කරමු
අපේම ඇති වෙනස් වලින් මිදිලා අපි එකමුතු වෙමු
ඊලඟ පරපුරට දෙන්න ප්රෞඩ රටක් සදාල දෙමු"
“එක්ව කියමු මේ පාඨය එකමුතු කම පෙන්වාලා:
අපේ මවු රට! අපේ මවු රට!
සබ්යත්වය! සබ්යත්වය!
සංස්කුරුතිය! සංස්කුරුතිය!
ප්රෞඩ ජාතිය! ප්රෞඩ ජාතිය!
නිමල ආගම! නිමල ආගම!
බේර ගනිමු මවු බිම අපෙ අනාගතය සලකාලා”
කළුවොයි පුල්ලියොයි එකම සටන් පාට කියවනවා
හැම වයසෙම මැක්කො තමා ගේ කොඩියට දන ගහනව
සෙනාවන් එකතු වෙලා ඔල්වර හඬ නංවනවා
දෙපැතකින් පිටත් වෙලා පාලම වෙත ළං වෙනවා
යුද්දෙ ඔන්න මෙන්න කියල වට පිටාව හෙල්ලෙනවා
අති විශාල කම්පාවක් වී පාලම කැඩිල යනව
බල්ලො දෙන්න ඇඟ සොලවා හෙමින් හෙමින් නැගිටිනවා
කළුවා පුල්ලියට කියයි "වලිගෙ කසනවා" කියලා
"මගෙත් කසනවානෙ මල්ලි, නාමුද වතුරේ ගිලිලා"
" මොනවත් කාලා ඉඳිමුද කුස්සිය පැත්තෙන් හොයලා"
මම ඇහැරී බල්ලන් දෙස බැලුවිට මගෙ හිතට එනව
උන් හොඳ යාලුවො උනාට උන්ගෙ මැක්කො සතුරු වෙනව
විනාශකාරී යුද්ධය නවතා කාහල නොමැතිව
දෙනවා මම කෑම පතක් මැක්කො බෙහෙත් වලට පසුව