බොළඳ කතා
භාෂාවක් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනව
පොඩිකාලෙම පටන් ගතොත් ඒක ටිකක් ලේසිවෙනව
ඇසුන ගමන් අලුත් වචන අරගෙන ගබඩා කරනව
අරුතත් උච්චාරනයත් වචනවලට අමුණනවා
ඔබ දන්නව පොඩ්ඩන් ගේ පළමු වචන එකයි දෙකයි
වැරදි උනත් ඇහුනම ඒ දෙමවු පියෝ සන්තෝසයි
හරි වචනය කියා නොදී වැරදි එකට 'ස්වීට්' කියයි
වැරදි හරි කරන්න උන්ට වෙන ක්රම තියෙනවා වගෙයි
කියවන්නට බැරි කෙනෙකුට භාෂාවක් ඉගෙන ගන්න
ඇති මග ඇස් කන් පමනයි ඒවට පින් සිද්ද වෙන්න
බැරිවූවොත් මුහුනෙන් වචනෙන් අරුතක් සොයා ගන්න
ශබ්දය සිංදුවක් කියල තේරුම ගැන නෑ හිතන්නෙ
තාලයකට සින්දු කියල වැඩිහිටියෝ දරු නලවයි
“පුලුන් වගේ සුදු හාවත්” “මින්දද හී සරත්” ඒකයි
මොන භාෂාවෙන් කිව්වත් පොඩ්ඩන් හට ඒ එකමයි
සුදු හාවෝ ගැන කියන්නෙ වැඩිහිටි ඕනෑ කමටයි
නෝනා මහතුනි ඔබලගෙ දරුවගෙ යහපත හිතන්න
නිතරම හරි වචන සොයා ඒ පාවිච්චියට ගන්න
දරුවන් හට පැහැදිලියට පුළුවන් නම් එය කියන්න
මෙහෙම දෙයක් ඔබට කියමි දැන්මම එය හිතට ගන්න
---
කියන දෙයක් හරියට ඇයි නොකියන්නේ
වතුර තියෙද්දී මොකටද 'බෝ' දෙන්නේ
බිම වැටුනොත් ඇයි 'ඩොම්මා' කියන්නේ
කිරි වෙනුවට ඇයි අපි 'උක්කුන්' බොන්නේ
නිදන්නේ නැතුව ඇයි අපි 'බයියන්නේ'
'හබුන් කටක්' කොහොමද අපි ගිලගන්නේ
'බවුවෙක්' ඇවිත් ඇයි වලිගය සොලවන්නේ
ඔබ පාසැල් ගියොත් මේවා හරියන්නේ