මාගේ පැලෙ අඳුර නසන්න….
[ලඟදී ආයෙත් ක්ලෝඩ් ද සොයිසගෙ සිංදුව අහලා අළුත් වචන ටිකක් දාන්න හිතුනා - සම්බන්ද සියල්ලෝ මට සමාවෙන්න]
මාගේ පැලෙ අඳුර නසන්න
හිතෙනවා මටත් ලයිට් දමන්න
නිවසේ පුර එලිය කරන්න
මගෙ, ගෙදර වෙසක් තොරනක් වෙන්න
මන්ඩලයෙන් බෑ කියනව කම්බි අදින්න
කනු ඕනැලු තව හිටවන්න
ඒ බැල්ලිගෙ පුතාලගේ බිල් පියවන්න
මට, වෙන්නේ මගෙ ගේ විකුනන්න
සෝල පැනල් හයිකෙරුවා වහලෙ වැහෙන්න
ගස් කැපුවා අව්ව වැටෙන්න
මට අමතක උනේ එකයි කරල දාන්න
ඒ, රෑ කාලෙට ඉර පායන්න
ගෝනි ගනන් ඉටි පන්දම් වුනා ගෙනෙන්න
කැඬල් පවර් වැඩිකර ගන්න
පැයයි ගියේ ඒ සේරම පත්තු කරන්න
රතු, වෑන් ආව ගින්න නිවන්න
සොයිස මහත්තයා තමයි උත්තරෙ දන්නේ
යන වියදම අඩුකරගන්න
මනමාලියො ඉන්නෙ කොහෙද මටත් කියන්න
මමත්, ඒ ක්රමයට අඳුර නසන්න