මිනිබිරී
හා පුරා කියා ඇවිල්ල නෑදෑයෝ හඳුන ගන්න
සිංහල බස නොදත් නිසා වචනෙන් බෑ එය කරන්න
ඇස් නොපෙනෙන ගන අඳුරෙයි වචන ඕනැ යාළු වෙන්න
හිනහව, හැසිරෙන විලාස වලින් හැකිය මෙය කරන්න
සියයට විසි පහක් උනත් උඹත් ලාංකික නොවේද
මිලියන විස්සක් අතරෙන් අපිට ඉන්නෙ උඹම නේද
අම්ම වගේ හිනා වෙලා උඹටත් මෙහෙ ඉන්න හැකිද
රොටියි කෙසෙල් ගෙඩියි කාල අපි බඩ පුරවා ගනිමුද
උපන් ගමේ මෙහෙම ගඟක් ගෙදර ලඟම තියෙනවාද
ගඟෙන් එහා පෙනෙනවාද මීදුමකින් වැසුන කන්ද
කහට ගහේ ලේනුන්හට කෑම දීල යාළු වෙමුද
හවස් වෙලා පොත් පිංචක් අරන් එකට කියව ගමුද
ලොකු අත්තල අත් අම්මල වයසක අය හඳුනා ගමු
මාමල නැන්දල ලොකු කුඩ අප්පල අම්මලා හොයමු
අයියල අක්කල සේරම එක්ක අපිත් සිංදු කියමු
දුවල පුතාලත් ඇති අපි එවුන් එක්ක ඩාන්ස් කරමු
හිතා ගන්න මිනිබිරි මගෙ නෑයෝ එක වගේ නෙවෙයි
අපිත් උඹත් එකවගෙනම් මේවගෙ රටකුත් නැතිවෙයි
නෑයෝ උඹෙ වෙනස් වෙන්නෙ මෙරටෙ ඉන්න නිසා නෙවෙයි
මේ රට ලංකාව වෙන්නෙ ඒ උඹගේ නෑයො නිසයි