මොළය ගැන

ඔබේ මොළය ගැන හිතන්න
මොළය නැතුව බෑ කරන්න
මොළෙන් මොළයෙ අධ්යයන
ඇසෙන්ම ඇස බලනු වැන්න

එනිසා එය හදාරන්න
වෙන ක්රමයක් සොයා ගන්න
හැදෑරීම සපිරි වන්න
වෙන කෙනෙකුට බාර දෙන්න

සොයා ගත්ත දේ මෙහෙමයි
ඇත්ත නැත්ත මා නොදනියි
දැනීම මගේ දැන් කදිමයි
නිවැරදි බව විශ්වාසයි

මොළයේ බර ඇඟේ බරෙන්
සියට දෙකක් පමන බැවින්
මැන්නොත් බර අපේ හමෙන්
මොලයට වැඩි දෙගුනයකින්

පෙන්හැල්ලේ අම්ලකරෙන්
සියයට විස්සක් පමණින්
මොළයෙ භාවිතයට ගනිමින්
ඇඟට ඉතුරු ටික බෙදමින්

ලේ වල බෙදුමත් මෙලෙසින්
සියට විස්සෙ අනුපාතෙන්
වැඩි උනාට ඇඟ මහතින්
පාවිච්චිය පිරිමසමින්

එය නිදහස් රිදුම් වලින්
ග්රාහකයන් නැතිවු බැවින්
නමුත් මොළයෙ ප්රකාශයෙන්
දනිමි වෙනදෙයක් වුනොතින්

මේවායින් දැනෙන දෙයක්
මොළය පුදුම අවයවයක්
ගතහැකි නිගමන ගොන්නක්
අල්ල ලියුවා ලැයිස්තුවක්

කවි ලියන්ට තැත් කරනව
මාතෘකාවක් හොයනව
පරිගනකය වැඩ කරනව
අන්තර් ජාලය දුවනව
සෙවුම් යන්ත්ර දක්ෂ වෙනව
ශබ්දකෝෂ යත් බලනව
ගැලපීයන පද හොයනව
පද සන්සකනය කරනව
මොළයත් පාවිචිචි වෙනව
අප්පුහාමි කවි ලියනව