යාවූ මතක
නිතර මැතුරු ගාතාවක
වචන මුවෙන් පිටවෙන විට
එයට එක්වු වෙනත් මතක
නැගෙන්නෙ නෑ මගේ සිතට
“නමෝතස්ස” කිවූ සැනෙක
“භගවතො” එනවා ඉබේට
ස්වයංක්රීය පද්ධතියක
යාන්ත්රිකවු නිපයුමකට
වෙනස පෙනෙනවා ගීයක
පදමාලා ගයනා විට
නිරායාසයෙන් මට හැක
සංගීතය යොදවන්නට
රාග තාල තනුත් එක්ක
යාවු මතක නැගෙයි සිතට
යහළු යෙහෙලි නෑ රෑනක
මුහුනු ඇඳේ පැහැදිලියට
පෞද්ගලික තේමාවක
අදහස් දළුලයි මොනවට
නහයට දැනෙනා සුවඳක
දිවට දැනෙන රස මිහිරට
වැසිබරවූ සීත දිනක
හිරු රැස්මෙන් දැනෙයි ගතට
සරල වචන ගොන්නට හැක
මා සුරලොව ගෙනයාමට
ශ්රද්ධාවත් සැදැහැ සිතක
ගාතාවෙන් නැගෙයි සතුට
යාවු මතක නැති වචනෙක
බොල් පමනයි පෙනෙන්නෙ මට