වාර්තා

කලකට පසු අපෙ ගෙදරට
පරණ යාළුවෙක් ඇවිල්ල
මත්පැන් උගුරක් බිව්වා
දෙන්න එළියෙ වාඩි වෙලා

“කරදරයක් නේද උඹට?”
“පිස්සුද බං” මම කිව්වා
උගේ පවුල මතක් කරා
අතීතෙ කල දේ හිතුවා
හොරෙන් උගෙන් දුම්වැටියක්
අරගෙන එය දල්වාලා
සිංදු කියන මදුරු රැලක්
වමතින් දැම්මා තලලා

විනාඩි දා හතරෙන් මම
පන්සිල් පද පහ කඩලා
වාර්තාව මගෙ ඊලඟ
අටසිල් දසසිල් අලලා