වාහන නඩත්තුව
වාහන ඇති අය ඒවගෙ වටිනාකම ගැන හිතනව
නඩත්තු නොකලොත් හරියට අගය බහින බව දන්නව
නිතරම තෙල්, වතුර, හුලං පමනට ඇතිදැයි බලනව
අලුත් ටයර් ෆිල්ටර් වයිපර් ඕනෑ ලෙස දානව
කිලොමීටර් ගනන් බලා ක්‍රමවත් සර්විස් කරනව
මාස ගනන් නොදුවාලා නවතා ඉන්නට නොදෙනව
බැටරි චාජ් වෙන්න කියා එහෙමෙහෙ පොඩ්ඩක් දුවනව
ඉඳ හිටලා දුර ගමනක් යෑමේ අගයත් දන්නව
පිටත ඔපය පවත්වන්න දූවිලි පිස සෝදනවා
පාර අයිනෙ නොනවත්තා ගරාජෙ ඇතුලෙම දානව
කාරෙක තුල කෑම බීම ගැනත් නීති හෙම හදනව
සද්දෙට දොර වැහුවෝතින් පොඩ්ඩන්ටත් කෑගහනව
නඩත්තුවේ අගය දකින්නේ කාලේ ඇවෑමෙනුයි
හොඳින් බලාගත් වාහනෙ පරණ වුනත් හොඳින් දුවයි
පාර අයිනෙ කැඩී ඇත්තෙ නඩත්තු දුර්වල ඒවයි
ඒවගෙ දැන් ප්‍රයෝජනේ පතෝල වැල් ඇරීමටයි
මගෙ මනසට ඇති වාහනෙ උපතින් ලැබු ඇඟ පමණයි
එයට ඔබින නඩත්තු වැඩ කල හැක්කේ මට පමණයි
අතහැරියොත් ඒ යුතුකම ගමන මගින් කෙලවරවෙයි
මනෙසෙ ගමන වැදගත් නම් ගතත් බලා ගතයුතුවෙයි