වැනිලා මල්

අපේ ගෙදෙර පිටි පස්සේ කහට ගහක් උසට හැදිල
කවුද කෙනෙක් ඒකට හොඳ වැනිලා වැලකුත් ඇරලා
දෙකේම මේ අවුරද්දට මල් පිපිලා වැහි වැහැලා
කහට ගහේ ගෙඩි දැකලා හෙවුවා කරලක් වැනිලා

වැනිල කරල් මෝරන්නේ පරාග දම්මොත් පමනයි
මැක්සිකෝවෙ මීමැස්සෝ ඒ වැඩේට හරි දක්ශයි
අපෙ මීමැස්සන්ට හැබැයි ඒවාගෙ වැඩ බැරිවෙයි
අපිම ඒක නොකරෝතින් අපේ වැලේ මල් පමනයි

වැනිල කරලෙ වටිනාකම කොතරම් ඉහලට නැග්ගත්
පරාග නොකරෝතින් මල් මුලු වැලේම නෑ අගයක්
ලස්සන මල් බලා ඉඳල අපි හොඳ සන්තෝස උනත්
අනාගතය ගැන හිතලා හිතුන ඉගනගන්න මමත්

වැනිලා ගැන ඉගන ගත්ත පාඩම සෑහෙන්ට පොඩියි
ලෝකේ ගැන කිවු කතාව ඊට වැඩිය බොහොම ලොකුයි

වටිනා කරලක් හදන්ට මලේ සියලු දේ තියෙනව
පරාග කෙරුවාට පස්සෙ වැනිලා මල අවදිවෙනව
පොඩි ළමයින් ඉපදුන දා පටන්ම මොලයක් තියෙනව
ඉගැනුම හොඳ නරක කියා දුන්නොත් එය අවදිවෙනව

අවදි නොවූ මොල තිබුනොත් පොත්තේ ලස්සන පමනයි
අවදි මොලය ඇති ළමයගෙ වටිනාකම අප්‍රමනයි