විද්යාඥයෙක් මෙසේ කියයි

විද්යාව ඉගැනීමෙන්
හැඩ ගැස්වුනු මගේ මොලෙන්
එක එක අදහස් නැගෙනව
සම්ප්රදාය පටහැනියෙන්

ග්රහයන් අමතක කරමින්
නක්ෂත්රය හැර දමමින්
නිදොස්ව හිතලා බලලා
නිදහස්වී මිත්යාවෙන්
………………….
ඉපදී සුලු කාලයකින්
මතු කාලය ගැන සිතමින්
වේලා පත්කඩය සදා
මහත් බලා පොරොත්තුවෙන්

පලමුම බත් කට කන්නත්
මුල්ම වරට කෙස් කැපුමත්
සිහල අකුරු කියවීමත්
ගමන හෝඩි පංතියටත්
මෙකී නොකී දේ සියල්ල
බෑ කරන්න නැතුව නැකැත්

නැකැත් නැතුව බැරි කරන්න
දේ බොහොමයි බෑ ගනින්න
ගෙදරට ගෙපලක් කපන්න
අඩිතාලම් එහි දමන්න
නිසිලෙස උළුවසු තියන්න
හදාපු ගෙට ගෙවැදිගන්න
පළමුව කිරි උතුරුවන්න
අමුත්තන්ට කන්න දෙන්න
ආගමෙ වැඩ කරව ගන්න

මෙව පහෙන් වැඩිකරන්න
කසාදයක් ගැන හිතන්න
………………………
මගේ මොලෙන් මට කියනව
"සම්ප්රදාය අතහරිනව"
"ජීවිතෙ මගෙ පහසු වෙනව,
කැමති දෙයක් මම කරනව,
වියදම අඩුවෙලා යනව,
අනාගතය මම හදනව,
වෙන මොනවා නැතිවූවත්
රෑට හොඳට නින්ද යනව”

අධිෂ්ටාන කරගන මම
සම්ප්රදාය දමන්න බිම
ලියා ගත්ත මගෙ සැලැස්ම
බුද්ධිමත්ව කරන්න එම

පහයි දහතුනේ නැකැතට
නැගිටල නාලා හනිකට
ඇඟල ඇඳුම් රෝස පාට
උතුර බලා නිසල ලෙසට
දකුනු කකුල දාල පෙරට
යනව අනාගතය දෙසට