සංගීතය
මීමැස්සෝ උරන මලෙන් රස කැවෙනව මී පැණියට
රටේ සංස්කෘතිය තමයි දෙන්නෙ රසය ගීතයකට
අප්රිකාවෙ රෝපණයෙන් දඬු බෙරයෙන් අහෙන හඬට
සමාන්තර වර්ධනයෙන් එන ගිටාර් වාදනට
පියානො පිත්තල භාන්ඩ එකතුව එන සිම්ෆනියට
හක්ගෙඩි උන බම්බු ෆ්ලූට් හරියනවද ඔබේ කනට
‘හන්තානට පායන හඳ’ සිංදුව ලඟදී ඇහුවද
වචනෙත් සංගීතෙත් එහි ඔබෙ මතකෙට නැගෙනවාද
එහි පිටිපස ඇති කතාව ඔබ අහලා තියෙනවාද
සිංදුව හැදුනේ කතාවෙ අඩිතාලම මතම නේද
‘කැට්ස් ඉන් ද ක්රේඩ්ල්’ යන සිංදුව මතකෙට එනවද
කියන අයුර සංගීතය සරල ලෙසට පෙනෙනවාද
පිය පුතු සම්බන්ධය ගැන කතාව අදහන්න හැකිද
සිංදුව හැදුනේ කතාවෙ අඩිතාලම මතම නේද
ගීත දෙකක් සදා ඇත්තෙ කතා දෙකක් මුල් කරලයි
දෙරටේ මුලු සංස්කෘතිය මේවායේ ගැබ්වි තිබෙයි
එය හඳුනා නොගත්තහොත් ගීතයෙ අගයක් නොදැනෙයි
නියම ලෙසට රස විඳින්න කන්දෙක පමණක් මදිවෙයි
මේවායෙන් කියවෙන්නේ ඉතා වෙනස් කතා දෙකක්
පද මාලා තනුව රිද්ම භාන්ඩ පෙන්වයි වෙනසක්
පෙරදිගයෙන් අපරදිගින් බිහි වියුක්ත දර්ශනයක්
දෙකේම රස විඳින්න අපි ඉගෙන ගන්න වටින දෙයක්
හන්තානට පායන හඳ
Cats in the cradle