සංචාරකයෝ
අනුරාපුරයෙන් අරඹා කතරගම් බලා යන්නෝ
කොළඹ නගරෙ පදිංචි අය යාපනය බලා යන්නෝ
ආගම ඉගනීම සමග විනෝදයට ගමන් යන්නෝ
සාමූහික ලෙස බැලුවොත් ඔක්කොම සංචාරකයෝ
කෝච්චි බස් කාර් වලින් බොහෝ දෙනෙක් යනව ගමන්
දුර අඩුනම් සමහර අය හැකිලෙස අදිනවා පයින්
කෑම බීම ඕනෑවිට ගෙදරින් හෝ කඩෙන් ගමින්
නවා තැන් සොයාගන්නව ගෙවාගන්න හැකිවු ලෙසින්
අපේ චාරිකා යන්නට ඉස්සර වියදම බලනව
දරන්න හැකි ගනනක් නම් ගමනක් සැලසුම් කරනව
කෑම බීම නවාතැනුත් වාහන මිල ගැන සොයනව
මගදී වියදමට ගන්න සල්ලි ටිකක් වෙන් කරනව
පිටරට සිට ලංකාවට එන්නො කරන්නෙත් මේකයි
අපිට වගේ ඒ අයටත් ඇත්තේ මේ ප්රශ්න තමයි
කන්න ඉන්න ගමන් යන්න ඕනෑ වෙන්නේ සල්ලියි
අතේ තියෙන තුට්ටු දෙකෙන් මේ ඔක්කම කරන්න වෙයි
වංචා කාරයො අපගෙන් කඩා ගන්න තැත් කරනව
"ඒක කැතයි නේද පුතා" කියලා අපි සැර කරනව
රට ගැන අපි දන්න නිසා මේවායෙන් බේරෙනවා
සමහරවිට පිටරැටියෝ මෙවැනි දේට අහුවෙනවා
අවුරුද්දක් වැඩකරලා එනවා ලංකාව බලා
අපි හිතනව පිට රැටියෝ සල්ලියෙන් හදා කියලා
අධික මිලක් අයකරලා ඒක ජයක් යයි හිතලා
බිත්තර කිකිලී මරනව රටේ නමත් කා දමලා
ඕනැම රටකින් ආවත් ඇවිදින්නේ කකුල් දෙකින්
කාල බීල විනෝදයෙන් ඉඳල යන්න කැමති එවුන්
රට ගැන උන් දැනගන්නේ පත්තරයෙන් නොවෙයි අපෙන්
හිතන්න මොනවද ඕනැ උන් ගෙ රටට අපි ගියොතින්