වසංගතය

විශ්රාමෙට කිට්ටු අයෙක්
දතයුතු වැදගත් ඇත්තක්
නැතිවුනාට වැඩි වයසක්
හැදෙනව විශ්රාම ලෙඩක්

මටත් හැදුන මෙහෙම එකක්
බෙහෙතක් තව නොමැති ලෙඩක්
හමුවුනෙ නෑ දොස්තරයෙක්
නැති නිස කිසි අමාරුවක්

පවුලෙ අයට හිතිල බයක්
මොලේට හැදිලාද ලෙඩක්
මට නැතිවට අමාරුවක්
ඒ අය පෙළෙනවා ගොඩක්

මම දකින්නෙ වෙන පැත්තක්
කවුද මෙහි කළේ වරදක්
මම කරන්නෙ පොඩි වරදක්
ලියල කතාවක් කවියක්
ඒ අය ලඟ ලොකු වරදක්
කියවල මම ලියන දෙයක්
ලියන ලෙඩේ කුඩා එකක්
කියවන එක උග්ර ලෙඩක්